දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය පෝරඹ විද්‍යාලයේ චතුනි හිමායා ක්‍රීඩිකාව දිනා ගනී...
තිස් දෙවැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කළ අකුරැස්ස අන්තර් යෞවන සමාජ ක්‍රීඩා උළෙල පසුගිය දා අකුරැස්ස පෝරඹ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.ඒම ක්‍රීඩා උළෙලේදී සමස් ශූරතාවය දිනා ගැනීමට පෝරඹ කනිටු විදුහල් යෞවන සමාජය සමත් විය. මෙහිදී කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත් වූයේ පෝරඹ ක්‍රීඩා සමාජයේ චතුමි හිමායා සමරවීර ක්‍රීඩිකාවයි. වයස 20 න් පහළ කාන්තා අංශයෙන් තරඟ වැදුණු චතුනි හිමායා, මිටර් 1500, මීටර් 800 හා මීටර් 400 ඉසව් ත්‍රිත්වයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර මීටර් 100*4 සහ 400*4 සහය දිවීමේ ප්‍රථම ස්ථාන දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක ද වුවාය.
මේ තරඟාවලියේ 13 න් පහළ පිරිමි වයස් කාණ්ඩයේ ධාවන ඉසව් දෙකකින් ප්‍රථම ස්ථාන සහ දුර පැනීමේ ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගනිමින දස්කම් දැක්වීමට දිනිත් උදයංග ශිෂ්‍යයා සමත් විය.
ශූරතාවය දිනාගත් පෝරඹ කණිටු විදුහල් ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරැ ලෙස ඔමේෂ් කූලෝචන කරැණාරත්න මහතා කටයුතු කරයි. දස්කම් දැක්වූ විද්‍යාලයීය ක්‍රීඩා කණ්ඩායමට සහ ර්‍කීඩා පුහුණු කරුට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම්.